තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනාවට ලක්ව සිටින කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා සම්බන්ධයෙන් අද (16) පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය.
කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙදි සඳහන් කර සිටියේ වරදක් නොමැති නම් මෙම කී‍්‍රඩකයා බේරා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ආණ්ඩුවද මැදිහත් වන බවය.
අැමතිවරයා එහිදී කි‍්‍රකට් කී‍්‍රඩක කුසල් පෙරේරාට තාවකාලික තරඟ තහනමක් දැනට පනවා තිබෙන බවද ප්‍රකාශ කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බී සාම්පලයේ පරික්ෂාවක් සඳහා ඔහු විදෙස් රටකට යැවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.






