FAST NEWS

24×7 Around the Globe

මින් පසු උසස් පෙළට සා.පෙළ ඕන නැතිලු.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී කඩඉම් විභාගයක් ලෙස නොපවත්වන බවත්
උසස් පෙළ විෂය මාලාවට කැමති විදිහට ඇතුළුවී තමන් කැමැති විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ අවුරුදු 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් මෙරට සියලූම දරුදැරියන්ට අවස්ථාව ලබාදීමට ඉදිරියේදි ක‍්‍රියා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී ඊයේ පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගයෙන් 90000 කට ආසන්න සිසු සිසුවියන් පිරිසක් අසමත් වන බවත්
ඒ සියල්ලන්ගේ බලාපොරොත්තු සුන් කර අධ්‍යාපනය නතර කරන්නට ඉඩ නොතබන බවත් ඔහු කියා සිටියා.