FAST NEWS

24×7 Around the Globe

ඉලෙක්ට්‍රික් මෝටර් රථ මිල අඩු වන හැඩ ?

මෙවර අයවැයෙන් විද්යුත් මෝටර් රථවල ආනයනික බදු වැඩි කිරීම වැරදි ප්‍රතිපත්තියක්‌ බව “දේශගුණික විපර්යාස පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ පැරිස්‌ මහ සමුළුවේ තීරණ ශ්‍රී ලංකාවට බලපාන ආකාරය” සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය වැඩමුළුවේදී අතුරලියේ රතන හිමියෝ අදහස් දක්වා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රතන හිමියන්
“ඉලෙක්ට්‍රික් මෝටර් රථ වෙනුවෙන් ඉහළ දැමූ බද්ද අඩු කිරීම පිළිබඳව ආණ්‌ඩුව එකඟතාවකට ඇවිත් තිබෙනවා. අයවැයේ අවසන් ඡන්ද විමසීමට පෙර එය ප්‍රකාශයට පත් කරන්න අපිට හැකිවේවි. ගෝලීය උණුසුම ඉහළයැමෙන් ශ්‍රී ලංකාව සුරක්‍ෂිත කිරීමට නම් අප ඉදිරියේදී පොසිල ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතුයි.

නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ බලශක්‌ති අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නෙ රට පුරා ගල්අඟුරු බලාගාර හදන එක. ගල් අඟුරු ප්‍රතිපත්තිය අපි වෙනස්‌ කරනවා. ඉංජිනේරු උපාධිය පාස්‌ කළ පමණින් නිලධාරීන් හත්අටදෙනකුට රටේ අනාගතය වෙනස්‌ කරන්න දෙන්න බැහැ. මේ නිලධාරීන් මෛත්‍රී පාලන ප්‍රතිපත්ති ප්‍රකාශයවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් කියවලා නැහැ.

මින්පස්‌සේ රටේ බලශක්‌ති ප්‍රතිපත්තිය හදන්න ඕනෑ රටේ අනාගතය සහ මනුෂ්‍ය සංහතියේ පැවැත්ම වෙනුවෙන්. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව අප සමඟ හොඳ අවබෝධයකින් කටයුතු කරනවා. එය සතුටට කරුණක්‌.”