හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ‘කැප්ටන් තිස්ස’ නමින් හැඳින්වෙන හමුදා නිලධාරියකු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ කටයුතු කොට ඇති ඔහු හිටපු ජනපතිවරයාගේ රියැදුරකු වශයෙන්ද කටයුතු කොට ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
තාජුඩීන්ගේ රථය ගිනිගෙන දැවෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කිහිපදෙනකු පරීක්ෂණ කණ්ඩායම්වලට ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කොට ඇත්තේ ‘කැප්ටන් තිස්ස’ට සමාන පුද්ගලයකු තමන් එහිදී දුටු බවයි.
එමෙන්ම තාජුඩීන්ගේ වාහනය දැවෙන අවස්ථාවේදී එම ස්ථානය අසල ඩිෆෙන්ඩර් රථ දෙකක් තිබුණු බවත්, එයින් පැමිණි සැක කටයුතු පුද්ගලයන් කිහිපදෙනකු ප්‍රදේශවාසීන් තාජුඩීන්ගේ රථය වෙත ළංවීම වැළැක්වූ බවත් ඔවුන් සිය ප්‍රකාශවල සඳහන් කොට ඇතැයි වාර්තා වේ. ඩිෆෙන්ඩර් රථවලින් පැමිණි පුද්ගලයන් ප්‍රදේශවාසීන්ට පවසා ඇත්තේ කුමන මොහොතක හෝ මෝටර් රථය ගිනිගෙන පුපුරා යා හැකි බවත් ඒ වෙත ළංවීමෙන් වළකින ලෙසත්ය.
එමෙන්ම කිරුළපන මංසන්දියෙන් ලබාගත් සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වී ඇත්තේ වාහන කිහිපයක් විසින් රග්බි ක්‍රීඩක තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබඳින ආකාරයයි.
තාජුඩීන් එම වාහන මගහැර යන්නට උත්සාහ කරන අන්දමත් ලුහුබඳින වාහන ඔහු පලායාම අවහිර කරන අන්දමත් සී.සී.ටී.වී. දර්ශනවල පැහැදිලිව සටහන්ව ඇති බවත් පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.
එම දර්ශන මේ වනවිට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් විශ්ලේෂණයට ලක් කරනු ලබන බව මේ පිළිබඳ කරුණු දක්වන පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කැප්ටන් තිස්ස නමැති පුද්ගලයා එලෙස සී.සී.ටී.වී. දර්ශනවල සටහන්ව ඇති වාහනවලින් එකක පැමිණෙන්නට ඇතැයි සැකකරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් තවත් සති දෙකකින් කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පීඨය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.