FAST NEWS

24×7 Around the Globe

මින් පසු කාන්තාවන්ට අතවර බෑ.සුවිශේෂී නිපැයුමක් එයි.

කාන්තාවකට යම් පුද්ගලයකු විසින් අතවරයක්‌ සිදුකිරීමට සැරසෙන විට ඊට එරෙහිව ඔවුන් දක්‌වන ජනප්‍රිය ප්‍රතිචාරයක්‌ වන සෙරෙප්පු ප්‍රහාරය සඳහා භාවිත කළ හැකි සුවිශේෂී අඩි උස සපත්තුවක්‌ ඇමරිකාව විසින් නිපදවා ඇත.

මෙම අඩි උස සපත්තු වර්ගය මේ වන විට ලොව පුරා බොහෝ කාන්තාවන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ.

මෙම සපත්තුවකින් කාන්තාවක්‌ වැර යොදා එල්ල කරන ප්‍රහාරයක ප්‍රබලතාව කිලෝග්‍රෑම් 95 ක්‌ බර පිරිමියකු පළඳින සපත්තු අඩිය 9 ප්‍රමාණයේ සපත්තු ප්‍රහාරයට වඩා ප්‍රබලය.

බ්‍රිතාන්‍ය කාන්තාවන් අතරද මෙම සපත්තු වර්ගය 2016 වසරේ සිට ජනප්‍රිය කරවීමට එරට කාන්තා සංවිධාන තීරණය කර ඇත.

එම සපත්තුවෙන් පහරදීම සඳහා ඉගැන්වීමට විශේෂ ආත්මාරක්‌ෂක පන්ති පැවැත්වීමටද බ්‍රිතාන්‍ය කාන්තා සංවිධාන මේ වන විට පියවර ගෙන තිබේ.