FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් රහසඟෙහි සඟවාගෙන විකුණු වැලිමඩ කත මාට්ටු .

 

වැලිමඩ හපුතලේ මාර්ගයේ ව්‍යාපාරික ස්ථානයක සිට කලක පටන් හෙරොයින් ජාවාරමේ යෙදී සිටි හතලිස් දෙහැවිරිදි දෙදරු මවක අත්අඩංගුවට ගැනීමට වැලිමඩ පොලීසිය සමත්ව තිබේ.

හෙරොයින් බහාලූ ඊයම් පැකට්ටු තම රහස් ප්‍රදේශයන්හී සඟවා තබා ගනිමින් මෙම ජාවාරමේ නිරතවී ඇති අතර අත්අඩංගුවට ගත අවස්තාවේදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් පැකට්ටු ඇය සන්තකයේ වූ බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.