FAST NEWS

24×7 Around the Globe

ශාෂිටත් අසනීපයි….

හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද (28) උදේ 9ට කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණත් ඇය නොපැමිණෙන බව දන්වා තිබේ.

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ එම කොට්ඨාසයට කැඳවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

ඇය නොපැමිණෙන හේතුව ලෙස පවසා ඇත්තේ අසනීප තත්ත්වයක් බවද වාර්තා වෙයි.