FAST NEWS

24×7 Around the Globe

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ඇමරිකාව තහනම් වේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමරිකාවට ඇතුළුවීමට වීසා ලබාදීම ප්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ.

ඔහු ඇමරිකාවට යාමට වීසා ඉල්ලා ඇත්තේ දැනට ඇමරිකාවේ පදිංචිව සිටින ඔහුගේ දියණියන් දෙදෙනා බැලීමට යාම සඳහාය.

ඇමරිකාව ෆොන්සේකාට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ජිනීවාහිදී යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔහුටද චෝදනා එල්ලව ඇති බැවින් බව පැවසේ.

ෆොන්සේකා මහතාගේ බාල දියණිය විවාහවී සිටින්නේ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ඥාති පුත්‍රයකු සමඟ වන අතර ඔහුගේ වැඩිමහල් දියණිය වන අප්සරා විවාහව සිටින්නේ ඇමරිකාවේ නිව්යෝක් හි පිහිටා ඇති ඒනර්ස්ට් ඇන්ඩ් යංග් ( Earnest & Young) විගණන ආයතනයේ උපදේශකවරයෙකු වන ඉෂ්වියන් ද සේරම් සමඟය.