FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන්ගේ පරීක්ෂණයට ෆෝන්සේකා සම්බන්ධ කර ගනී.

රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරුණු අධිකරණ වෛද්‍ය නිළධාරීවරයාගේ පරීක්ෂණය පිළිබඳ විමර්ශනයක් සිදු කරන්නැයි අධිකරණය ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතාට දැනුම් දී ඇත.

රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිධූරය දැරූ මහාචාර්ය නන්දසිරි නිරිඇල්ල මහතාගේ 75 වැනි ගුණ සමරුව වෙනුවෙන් රුහුණු විශ්ව විද්‍යාලයේ ඊයේ (13) පැවති උත්සවයකට එක්වෙමින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කළේ සති 02 ක් තුල අදාළ පරීක්ෂණයේ වාර්තාව ලබාදෙන ලෙස අධිකරණයට දැනුම් දී ඇති බවයි.

මේ අතර වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සාක්‍ෂි සටහන් කර ගැනීමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මේ දිනවල විදේශගතව සිටින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ලබන බදාදා යලි දිවයිනට පැමිණීමෙන් පසු එම කටයුතු සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි.