FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත්ට විස්සයි විස්ස ලෝක කුසලානය අහීමී වන ලකුණු පහල වේ.

තහනම් උත්තේජක ගත්තේ යැයි චෝදනා එල්ලව තාවකාලික තරග තහනමකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරාට ඉදිරි ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියද මඟහැරීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තවත් මසක එහමාරක කාලයක් ගතවීමත්, කුසල් අදාල චෝදනාවට වරදකරු වුවහොත් අවම වශයෙන් ඔහුට තුන්මසක තරග තහනමක් පැනවීමට ඉඩ ඇති හෙයිනි.

ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 11 වැනිදා ඉන්දියාවේදී ආරම්භවීමට නියමිතය.

තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ දෙවැනි ක්‍රිකට් ක්‍රීඩකයා කුසල්ය.

මෙයට ප්‍රථම වසර 2011 දී මෙම චෝදනාවට වරදකරු බවට පත්වීම හේතුවෙන් උපුල් තරංගට මාස 3ක තරග තහනමක්‌ පැනවිණි.

එමෙන්ම කුසල් වෙනුවෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අභියාචනයක් ඉදිරිපත් කිරීමට යන බවද වාර්තා වේ.

කෙසේවුවද කුසල්ට තරග තහනමක් පැනවුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක්ද තිබේ.

කුසල් නවසීලන්තයේ සිට දුන් ප්‍රකාශයේ සටහන්ව ඇත්තේ පාකිස්තානු සංචාරය අතරවාරයේ තමාට කූඩැල්ලකු දෂ්ට කළ බවත්, ඒ සඳහා ඖෂධ ලබාගත් බවත්, එම ඖෂධ ලබාගත්තේ භෞත චිකිත්සකව දැනුවත් කර බවයි.

ශ්‍රී ලංකා පිල සමඟ නිලධාරීන් දස දෙනෙකු පමණ සිටියද ක්‍රීඩකයන් පිළිබඳව ඔවුන් උනන්දුවෙන් සොයා නොබැලීම මේ තත්ත්වයට හේතුව බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පැවසීය.