FAST NEWS

24×7 Around the Globe

කලකිරුණු ශ‍්‍රිලනිප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එජාපයට?එජාපය 113 අභියසටම.

ශ‍්‍රිලනිපය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපයේදී එක්සත් ජාතික පක්‍ෂයට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සාකච්චා වට කිහිපයක්ම පවත්වා ඇති අතර අදාල මන්ත‍්‍රිවරුන් මේ පිළිබඳව තම ප‍්‍රදේශයේ ඡන්ද දායකයින් පවා දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.
ශ‍්‍රිලනිපය දැනටමත් කණ්ඩායම් දෙකක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් මෙම තිරණය ගැනීමට සිදුවන බවද ඔවුන් සඳහන් කර තිබේ.

මෙකි වෙනස් වීම අනුව දැනට පර්ලිමේන්තුවේ 106ක බලයක් හිමි එජාපයට 113 සීමාව ආසන්නයටම ලගා වීමේ හැකියාව මෙමගින් ලැබේ.