FAST NEWS

24×7 Around the Globe

තෙවන දිනය අවසන නවසීලන්ත පිළ එක් කඩුල්ලකට ලකුණු 171යි.

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම රැස්කළ ලකුණු  431ට පිළිතුරු ලෙස ශ්‍රී  ලංකා කණ්ඩායමට රැසකර ගත හැකි වූයේ ලකුණු 294ක් පමණි.

දිමුත් කරුණාරත්න (84), දිනේෂ් චන්දිමාල් (83) අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ. ටිම් සවුති හා මිචෙල් සැන්ටර් කඩුලු තරන බැගින් දවාගැනීමට සමත් වූහ.

ලකුණු 137ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම තරගයේ තුන්වන දිනය අවසන එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 171ක් රැස්කරගෙන සිටියි.

එ අනුව නවසීලන්ත කණ්ඩායම තවත් කඩුලු 09ක් අතැතිව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 308ක් ඉදිරියෙන් පසුවෙති.

ලකුණු පුවරුව පහතින්……

nz 1

 

nz 2