FAST NEWS

24×7 Around the Globe

කුසල්ගේ තහනම් උත්තේජන මුත්‍රා සාම්පලය ගැන අයි.සී.සී යෙන් නිවේදනයක්.

කුසල් පෙරේරාගේ තහනම් උත්තේජන ඇතුළත් මුත්‍රා සාම්පලය ලබාගත්තේ පසුගිය ඔක්තෝබර් මස 12 වැනිදා බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ නිමා වූ පාකිස්තාන තරගාවලියේදී කුසල්ගෙන් ලබාගත් මුත්‍රා සාම්පලයක තහනම් උත්තේජන ඇතුළත් බවයි.  පාකිස්තානය ශ්‍රී ලංකවේ සංචාරයක නිරතවූයේ පසුගිය ජුනි හා ජුලි මාසයේදීය.

සංචාරක කොදෙව් කණ්ඩායම හා ගාල්ලේ පැවැති ටෙස්ට් තරගය ආරම්භ වීමට  දින දෙකකට පෙරාතුව කුසල් මුත්‍රා සාම්පල දෙකක් ලබාදී තිබේ.