FAST NEWS

24×7 Around the Globe

ලංකිකයනි ප්‍රවේශමෙන් ලීස් – මැනයිසිස් රෝගය ලංකාව පුරා.

ලීස් – මැනයිසිස් නමැති සුව කිරීමට කලක් ගත වන සමේ රෝගයක් ශ්‍රී ලංකාව පුරා පැතිර යමින් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.ඒ.එම් කුලරත්න පවසනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මහාචාර්යවරයා කියා සිටියේ මෑත කාලයේ සිට මෙම රෝගයේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

කෘමියෙකු මගින් බෝ වන මෙම සමේ රෝගය ඉන්දියාවේ බහුලව දැකිය හැකි බවත්, මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ පැතිරෙන බවයි මහාචාර්ය එස්.ඒ.එම් කුලරත්න වැඩිදුරටත් කියා සිටියේ.