FAST NEWS

24×7 Around the Globe

නිළි රාණි මුකර්ජි මවක් වෙයි.

ජනප්‍රිය බොලිවුඩ් නිළි රාණි මුකර්ජි පසුගිය බදාදා(09) සිඟිති දියණියක් බිහිකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සිඟිත්තිය මුම්බායි නගරයේ පිහිටි බ්‍රීච් කැන්ඩි රෝහලේදී උපත ලබා ඇති අතර මව මෙන්ම දියණියද නිරෝගී බව පැවසේ.

රාණි සහ ඇගේ ස්වාමි පුර්ෂයා වන යෂ් රාජ් චිත්‍රපට නිෂ්පාදන සමාගමෙහි ප්‍රධානි ආදිත්‍ය චොප්‍රා ඇයට නම් තබා ඇත්තේ අදීරා ලෙසයි.

යෂ් රාජ් සමාගම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන්ට සුභ පැතුම් එක් කළ සියළු දෙනාටම රාණි සිය ස්තූතිය පුද කර තිබේ.