FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය අගමැති හෙළිකරයි.

2016 වර්ෂයේ සිංහල අලුත් අවුරුද්දට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශළේය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අග්‍රාමාත්‍යවරයගෙන් කරුණු විමසු අතර එයට පිළිතුරු ලෙස අගමැතිවරයා මේ බව කීය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විමසා සිටියේ මාර්තු 31ට පෙර පළාත් පාලන මතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේද යන්නයි.

ඡන්ද ක්‍රමය පිළිබඳව තීරණයක් ගන්න සාකච්ඡා කරනවා. අපි පාර්ලිමේන්තුවේ දී තීරණයක් ගනිමු. පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාවෙන් සියයට 25%ක් කාන්තා නියෝජනය ඇතිකළ යුතුයි.
ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡා කෙරෙනවා. ජාතික ලැයිස්තු ක්‍රමයත් තිබෙනවා. මේ පිළිබඳවත් සාකච්ඡා කරමු. මැතිවරණය සිංහල අවුරුද්දට කලින් පැවැත්වීමට වුවමනයි ”යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය