FAST NEWS

24×7 Around the Globe

එච්.එන්.ඩී.එ සිසුවියට ගැසු පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්.

වොඩ් පෙදෙසේදී ඔක්තෝබර 29 වැනි දා පැවති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු විරෝධතාවයේ දී සශිනි සංදීපනී කුමාරසිංහ සිසුවියකට පහර දුන් බව කියන පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.
ඔහු කිරුළපොන පොලිසියේ සේවය කරන බව දැනගන්නට ඇත.

මෙම උද්ඝෝෂණයේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හදුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූල පියවර ගන්නැයි මානව හිකිමකම් කොමිසම පසුගිය දා නිර්දේශ කළේය.

එම නිලධාරීන්ට නියෝග නිකුත් කළ නිලධාරීන් හා මේ ක්‍රියාවලිය අධීක්ෂණය කළ නිලධාරීන් කවුරුන්දැයි යන්න ද සොයා බලා විනයානුකූල පියවර ගන්නැයි කොමිසම නිර්දේශ කළේය.