FAST NEWS

24×7 Around the Globe

සිඟිති දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කල පොල් කඩන්නාට වැඩ වරදී.

සය හැවිරිදි (06) සිඟිති දැරියක්‌ බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගත් 33 හැවිරිදි පුද්ගලයකුට බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා විසින් බරපතළ වැඩ ඇතිව දස වසරක (10) අනිවාර්ය සිර දඬුවම් නියම කරන ලදී

ඊට අමතරව අතවරයට පත් දැරියට රුපියල් ලක්‍ෂ 2 1/2 ක වන්දියක්‌ ගෙවීමට විත්තිකරුට නියම කර අමතරව රුපියල් 7500 දඩයක්‌ ද නියම කරන ලදී. වරද පිළිගත් විත්තිකරු වූයේ මිනුවන්ගොඩ කලවාන පදිංචි පොල් කඩන පුද්ගලයෙකි.

මෙම දඬුවම නියම කරන විට ඔහු සොරකම් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටි අයෙකි. ඔහු දැනට විඳිමින් සිටින සිර දඬුවමට අමතරව ඔහුට තවත් වසර දහයක අනිවාර්ය සිර දඬුවම් නියම විය.

සය හැවිරිදි දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌කිරීමේදී කුඩා දැරිය තුවාල ලබා ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. විත්තිකරු විසින් සිදුකළ කෲර ලිංගික අතවරය සම්බන්ධයෙන් විත්තිකරුට දැඩි දඬුවම් ලබා දෙන ලෙසට පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ ෂෙහාන් ද සිල්වා මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.