FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ අලුත් ගුවන් තොටුපළ තුන හැදෙන තැන් මෙන්න.

දේශීය හා විදේශීය සංචාරකයන් ඉලක්‌ක කරගෙන ලබන වසරේ දී අභ්‍යන්තර ගුවන් තොටුපළ තුනක්‌ ඉදිකිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් තීරණය කර තිබේ.

ඒ අනුව පුත්තලම, බදුල්ල සහ දිගන යන ප්‍රදේශවල මෙම ගුවන් තොටුපළ තුන ඉදිකිරීමට මෙවර අයවැය මගින් මුදල් වෙන් කර දී ඇත.

පුත්තලම පාලවිය දැනට පවතින අභ්‍යන්තර ගුවන් තොටුපළ 1938 වසරේ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ඉදිකළ අතර එහි පවතින ගුවන් පථය මීටර් 1500 දක්‌වා දිගු කිරීමටත් පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමට රුපියල් මිලියන සියයක්‌ යෙදවීමට නියමිතව ඇත.