FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප 5කට විනය පරීක්ෂණ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් සහ වෙනත් පක්ෂවලින් තරග කළ පළාත් සභා මන්ත්‍රීවරු පස්දෙනෙකුට විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගෙන තිබේ. ඒ අනුව ඌව පළාත් සභා මන්ත්‍රී හරීන්ද්‍ර බණ්ඩාර, වයඹ පළත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව, සබරගමුව පළාත් සභා මන්ත්‍රී ජයතිස්ස රණවීර, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ආර්.ජී. සමරනායක සහ දකුණු පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. පියසේන යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කිරීමට නියමිතය. එච්.ඒ පියසේන මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ස්වාධීනව ඉදිරිපත් වූ අතර සෙසු සිව් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම්, ඇමැති දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ (09) මෙම මන්ත්‍රීවරුන්ට චෝදනා පත්‍ර යවා තිබේ. ඔවුන්ගේ මෙම ක්‍රියාව පක්ෂය හැර ගියා සේ සැලකීමට කරුණක් බැවින් එසේ නොවන්නේ නම්, ඊට කරුණු දක්වන ලෙස මහ‍ලේකම්වරයා යැවූ ලිපිය මගින් දැනුම් දී ඇත.