තොටවත්තගේ අනාවැකිය  නිවැරිදි වේද ?

තොටවත්තගේ අනාවැකිය නිවැරිදි වේද ?

‘‘ද ගාර්ඩියන් ’’ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡවකට එක්වෙමින් තම නිර්දෝෂීභාවය පෙන්වීම සඳහා යුද අපරාධ විමර්ශනයකට සූදානම් බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසූ අතර එමෙන්ම යුද සමයේ කිසිදු යුද අපරාධයක් සිදු නොවූ බවට තමන්ට සහතික විය හැකි බවද ඔහු පවසනවා.

තමන් යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ස්තී‍්‍ර දූෂණ හෝ වදහිංසා පැමිණවීම් සිදු නොවූ බවයි ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශී‍්‍ර ලංකා යුද්ධය සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් පවතින බව තමන් දන්නා නමුදු අන්තර්ජාතික වශයෙන් මෙරටට චෝදනා නැගීමේ හැකියාවක් නැතැයිද ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

සියල්ල හොඳ හිතින් සිදු කළ බවත්, තම අරමුණ වූයේ ශී‍්‍ර ලංකාවේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම බවත්, ඔහු පවසනවා. ඕනෑම අවස්ථාවක දේශපාලනයට සමුදීමට සූදානම් තමන්ට ජනාධිපති හෝ අගමැති වීමට අපේක්ෂාවක් නැතැයිද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ‘‘ ද ගාර්ඩියන් ’’ පුවත්පතට වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම මෙහෙදී දේශපාලන සමුදීමක් පිළිබද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසූ අතර මෙම දේශපාලන සමුගැනීමක් පිළිබද
සදහනත් සමග සියලු දෙනාගේම මතකයට නැගුනේ මේ පිළිබද මෑතකදී ප්‍රකාශ කල අනාවැකි කරුවෙකු පිළිබදවය.
ඔහු නමින් ඉන්දික තොටවත්තය.ජනාධිපතිවරණ සමයේ ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත් විය.

පසුගියදා රූපවාහිනි සාකච්චාවකට එක්වූ ඉන්දික තොටවත්ත මහතා ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීම් පිලිබඳ අනාවැකි පලකොට තිබුනේ මෙලෙසිනි.

2016 මාර්තු 24 ට කලින් ෆිදෙල් කැස්ත්‍රෝ මියයනවා…
ලංකාව ගැන මම අනාවැකි දෙකක් කියන්නම් කෙටියෙන්..

හමුදාවේ ඉදලා ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වූ, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ දේශපාලඥතුමාගේ පක්ෂය බිඳ වැටෙන බව පහුගිය අවුරුද්දේ මාර්තු රජයේ මාධ්‍ය ආයතනයකට ඇවිත් කිව්වා..

ඒ වගේම 2017 ජනවාරි 27 ට කලින් හිටපු හමුදා ප්‍රධානියා රට හැර යනවා..වගකීමෙන් කියනවා..මේ හිටපු හමුදා ප්‍රධානියා, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනු දේශපාලඥතුමා, දැනට ගත කරන රාහුගේ දසාවත් සමග 2017 ජනවාරි 27 ට කලින් ස්ථිරවම රට හැර යනවා..මේක අනාවැකියක්..ඔහු ගේ මෙම අනාවැකි නිවැරිදි වේදැයි අපි බල සිටිමු.