FAST NEWS

24×7 Around the Globe

ඡායාරූප ඇත්ත ඒවා අධිකරණ ඇමති විජේදාස පිළිගනී.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇවන්ගාර්ඞ් ප‍්‍රශ්නයේදී පක්ෂපාතීවූයේ ඇවන්ගාඩ් ප‍්‍රධානී නිශ්ශංක සේනාධිපති සමග සමීප ඇසුරක් පවතින නිසා බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ෆිල්ඕ මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඡායාරූප ප‍්‍රසිද්ධ කළ පසුව ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්නට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඉදිරිපත්වී සිටිනවා.

ඔහු පවසන්නේ එම ඡායාරූප සත්‍ය ඒවා බවයි. 2006 වසරේදී එම ඡායාරූප ලබාගන්නා කාලයේ නිශ්ශංක සේනාධිපති මහතා සමග තමන් සමීප ඇසුරක් පැවැත් වූ බව ඇමතිවරයා පිළිගනී. එහෙත් එය වරදක් වන්නේ කෙසේදැයි තමන් නොදන්නා බවද ඔහු අසයි. ඔහුගේ මතයේ හැටියට එය වරදක් නොවන බව කියා ඇත.
මේ ආකාරයට මත පළකිරීම මගින් ෆොන්සේකා මහතාට අවශ්‍යව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාව කෙසේ හෝ අත්අඩංගුවට ගැනීම සඳහා තෙරපුමක් ඇති කිරීම බවත් ෆොන්සේකා මහතා අයථා ලෙස කොමිස් වශයෙන් ලබාගෙන ඇති රුපියල් ලක්ෂ 888 ක මුදල මුදා ගැනීමේ අරමුණත් මේ පිටුපස ඇති බවත් විජයදාස රාජපක්ෂ පිළිතුරු වශයෙන් සඳහන් කර ඇත.