FAST NEWS

24×7 Around the Globe

ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියන් පස් දෙනකු අත්අඩංගුවට.

සංචාරක වීසා රැගෙන මෙරටට විත් තරු පන්තියේ හෝටල්වල නැවතී ගණිකා වෘත්තියේ යෙදුණු බව කියන උස්බෙකිස්ථාන් තරුණියන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම තරුණියන් සමග ඔවුන්ගේ ලාංකික කළමනාකරු යැයි කියන පුද්ගලයකු ද ලබන 11 දා දක්වා රිමාන්ඩ් කරන්නැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා නියෝග කර ඇත.