සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන් ටෙස්ට් ක්‍රීකට් තරඟාවලියේ පළමු තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා නවසීලන්තයට ආරාධනා කර සිටියේය.
සිය ප්‍රථම ඉනිමට පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ප්‍රථම දිනය අවසානයේ කඩුලු 08කට ලකුණු 408ක් ලබාගෙන ප්‍රභල තත්වයක පසුවේ.
නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිකරණයක නිරත වු මාට්න් ගප්ටිල් පන්දු 234කදී අගනා ලකුණු 156ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් කඩුලු 02ක බැගින් දවාගත්හ.
ලකුණු පුවරුව පහතින්……







