FAST NEWS

24×7 Around the Globe

විජේදාස පවුල ඇවන්ට්ගාඞ් පවුලේ අය සමග ඩිස්නිලන්තයේ ගිය හැටී.(ඡායාරූප)

පසුගියදා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර මතභේදයක් හටගෙන තිබුනේ ඇවන්ට්ගාඞ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගේ අවනඩුව සම්බන්ධයෙන් පක්ෂපාතී ස්ථාවරයක ඇමතිවරයා සිටින බවට ෆොන්සේකා මහතා කළ චෝදනාව නිසාය. තමන්ට කළ අපහාසයට මිලියන ගණනක නඩු පවරන බවද ඇමතිවරයා කියා තිබුණා.

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද කොළඹදී පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත ඉදිරිපත් කළ ඡායාරූප සාක්ෂි කිහිපයක් නිසා
මෙම මතභේදය දැන් උණුසුම් මුහුණුවරකට හැරී ඇත.
2006 වසරේදී විජයදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඇමරිකාවේ ඩිස්නිලන්තයේ සංචාරයක යෙදුණ බවත්
එහිදී ඔවුන් ලිමොසින් වර්ගයේ රථයක ගමන් කරන ලද අවස්ථාවේ සහ තවත් අවස්ථා කිහිපයක ඡායාරූප රැසක් ඔහු එහිදී ඉදිරිපත් කළා.

තමා කිසි දිනෙක නිශ්ශංක සේනාධිපති හමුවී නැති බව කියුවත් මෙම ඡායා සාක්ෂි මගින් ඇමතිවරයා මේ ආකාරයට ඔහු සමග සංචාරය කර ඇති බව ඔප්පු වන බව ඔහු කියා සිටියා.

එම සමීප සබඳතාව ඇමතිවරයා විසින් රටට හෙළි කළ යුතු බවද ෆොන්සේකා මහතා පැහැදිලි කළා.
එම අවස්ථාවේ තිරයක ඡායා රූප ප‍්‍රදර්ශනය කළ ෆොන්සේකා ඒවා එකින් එක පැහැදිලි කර තිබුණා.

කෙසේ වෙතත් මෙම ඡායාරූප අතර විජේදාස රාජපක්ෂ හා නිශ්ශංක සේනාධිපති එකටම සිටින බවට සැක කළ හැකි ඡායාරූප ඇත්තේ යංතමිනි.ඇතැම්වා නිශ්ශංක විසින් ගත් ඒවාය. බොහෝ ඒවායේ නිශ්ශංකගේ බිරිය සිටින අයුරුද නිරීක්ෂණය වෙයි.
ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ ඡායාරූප සාක්ෂි පහතින්

05.jpg - 197.77 Kb01.jpg - 191.38 Kb02.jpg - 158.45 Kb03.jpg - 115.76 Kb10.jpg - 177.79 Kb11.jpg - 188.44 Kb13.jpg - 155.20 Kb14.jpg - 154.11 Kb