FAST NEWS

24×7 Around the Globe

සංගීත ලෝකයේ වැඩිම මුදලක් ඉපයූ ගායිකාව.

සංගීත ලෝකය තුල මෙම වසරේ වැඩිම මුදලක් ඉපැයූ පුද්ගලයින් අතර ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජනප්‍රිය ගායිකා කේටි පෙරී සමත් වී ඇත.

ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව පසුගිය මාස 12 ඇතුලත ඇය උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 135කි.

මෙම වසරේ සංගීත ඇල්බමයක් නිකුත් නොකළද පසුගිය මාස 17 පුරා ඇය සිදුකළ ලෝක සංචාරය හේතුවෙන් ඇයට මෙම මුදල උපයා ගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ.

ජනප්‍රිය තරුණ සංගීත කණ්ඩායමක් වන ‘වන් ඩිරෙක්ෂන්’ එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වෙයි.ඔවුන් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 130කි.

සමාජ ජාල වෙබ් අඩවි හරහා ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන සිටින ටේලර් ස්විෆ්ට් උපයා ඇති අදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් වන අතර ඇය සිව් වැනි ස්ථානයේ පසුවෙයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 59ක් ඉපැයූ ලේඩි ගාගා 10 වැනි ස්ථානයේ පසුවන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 54.5කට හිමිකම් කියන බියොන්සේ 14 වැනි ස්ථානය දිනාගෙන තිබේ.