FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් වොලී පසුපස.

අම්බලන්තොට රුහුණු රිදියගම ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරන සෆාරි උද්‍යානයට ගෙන්වනු ලැබූ වොලී නමැති සිංහයකු මියයැම සම්බන්ධව තමාට සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අදාළ සිංහයා මරණයට පත්වීමට හේතු මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මෙන්ම මේ සම්බන්ධව සත්ත්ව අවිහිංසා සංවිධාන දක්වනු ලබන මත පිළිබඳව ද එම වාර්තාවෙන් තමා දැනුවත් කරන ලෙස ද අගමැතිවරයා උපදෙස් දී ඇත.

දකුණු කොරියාවේ සිට ගෙන්වා ඇති මෙම සිංහයා පසුගිය 04 දා හදිසියේම මියගිය අතර එම සිංහයා දිගින් අඩි පහමාරක් පමණ වූ කේසර සිංහයෙකි.