FAST NEWS

24×7 Around the Globe

බැලුන් නැතිව බීමත් රියැදුරන් අල්ලන්න හැටි.(වීඩියෝ)

මෙරට නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණවලට මහත් වූ රුකුලක් ලබා දෙමින් පසුගියදා නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්විණි.

ඒ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ය.

දිවයිනේ විවිධ පාසල්වල සිසු සිසුවියන් සිය නව නිර්මාණ මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර තිබිණි.

නිර්මාණ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි සියලු දෙනා සිසු සිසුවියන්ගේ නිර්මාණශීලීත්වය පිළිබඳව අතිශය සතුටට පත්ව සිටියහ.

එම පාසල් සිසු සිසුවියන් දිරිමත් කිරීම උදෙසා හා ඔවුන්ගේ නිර්මාණවලට සාධාරණයක් ඉටු කිරීමේ අරමුණින්ට නිව්ස්ෆස්ට් අද සිට සෑම සතියක ම නව නිර්මාණ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නෙමු.

පසුගියදා පැවති එම නව නිර්මාණකරුවන්ගේ ප්‍රදර්ශනයේදී බීමත් රියැදුරන් හඳුනා ගැනීම සඳහා නිපදවා තිබූ උපකරණයක් දැක ගැනීමට හැකියාව ලැබිණි.

එම අපූර්ව උපකරණය නිපදවා තිබුණේ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ප්‍රියෂාන් තරිඳු කළුබෝවිල ශිෂ්‍යයා යි.

බීමත් රියැදුරන් හඳුනා ගැනීමට දැනට පවතින සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ, බීමත් රියැදුරන් පරීක්ෂා කරනු ලබන බැලූනයක් අදාළ පුද්ගලයින් වෙත ලබා දීම ය.

නමුත් ප්‍රියෂාන් තරිඳු කළුබෝවිල ශිෂ්‍යයා නිපදවූ මෙම උපකරණය ඊට හාත් පසින්ම වෙනස් වූවකි.

මෙහිදී සිදු වන්නේ, අදාළ උපකරණය පුද්ගලයෙකුගේ මුඛයට ළං කළ විට එම පුද්ගලයා බීමත් අයෙකු නම් උපකරණයේ ඇති ආලෝක බුබුළු නාදයක් සමග දැල්වීම ය.

මෙවැනි නිපැයුම්වලට නිසි වටිනාකම් මෙරට තුළ ලැබෙනවා නම් අනාගතයේදී පොලිස් නිලධාරීන්ට වුවද සිය රාජකාරී කටයුතු ඉතා පහසුවෙන් කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම මෙම නිර්මාණය එක් වරක් භාවිත කිරීමෙන් පසු ඉවත් කරන්නක් නොවන බැවින් මෙය ආර්ථිකමය මෙන් ම පාරිසරික වශයෙන් ද වාසි සහගත වේ

මෙම නිර්මාණය තව තවත් වැඩිදියුණු කිරීමට ප්‍රියෂාන් තරිඳු කළුබෝවිල සිසුවාට අතහිත දීමට කිසියම් ආයතනයකට හෝ හැකියාව තිබේ නම් එය ඔහුගේ ඉදිරි ගමනට මනා රුකුලක් වනු ඇති…

[youtube url=”https://www.youtube.com/watch?v=huMvqyPyO6o” width=”560″ height=”315″]