FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති හා අගමැති කාර්යාල වෙනත් ස්ථානයකට ගෙන යයි.

වාණිජ අගනගරය ලෙස සැලකෙන කොළඹ පිහිටි ජනාධිපති හා අගමැති කාර්යාල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරය සමීපයේ ඉදිකිරීමට තීරණය කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පැවසීය.
1978 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන සමයේය.
එළැඹෙන ජනවාරි 8 වැනිදා මහ නගර සංවර්ධනය පිළිබඳව ජනතා අදහස් විමසීමට ධවල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා කීවේය.
ගුවන් පහසුකම් සහිත නගරයක් ලෙස කටුනායක සංවර්ධනය කිරීමටත් තීරණය කර ඇතැයිද මහරගම සිට හෝමාගම දක්වා තාක්ෂණ නගරයක් ඉදිකිරීමට යෝජිත බවත් ඉදිරි මහ නගර සංවර්ධන සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක මහතා කීවේය.