FAST NEWS

24×7 Around the Globe

නිළි සනෝජාගෙන් පසු හොරු තවත් නිළියකගේ ගෙට පනී.

පසුගියදා සිනමා නිළි සනෝජා බිබිලේගේ වාහනයේ රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියෙන් පසුව තවත් පැරණි ප‍්‍රකට නිළියක වන ශ‍්‍රීමතී රසාදරී මහත්මියගේ බොරලැස්ගමුව ජී. එච්. පෙරේරා මාවතේ පිහිටි නිවස බිඳ රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් රන් බඩු හා මුදල් සොරාගෙන ගොස් ඇති බවට බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
තමන් ඇතුලූ පවුලේ අය රාත‍්‍රි නින්දට ගොස් සිටි අතරේ සිය මුළුතැන්ගෙයි දොර කඩා ඇතුළුව දේපළ සොරාගෙන ගොස් තිබූ බව රසාදරී මහත්මිය පවසා ඇත.