FAST NEWS

24×7 Around the Globe

නිළි අක්ෂාට දැන් රට යන්න පුළුවන්.

ඉන්දීය ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 14කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාවට ලක්ව ඇප ලබා සිටින ටෙලි නාට්‍ය නිළි අක්ෂා සුදාරිට විදෙස්ගත වීම සඳහා අවසර ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සැකකරුවන් මීට පෙර කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ආක්ෂා සුධාරිට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ තහනම ජනවාරි 25 තෙක් අත්හිටුවීමට තීරණය කළා.

මීට පෙර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත මෝසමක් ඉදිරිපත් කරමින් අක්ෂා සුදාරි ඉල්ලා තිබුණේ පුද්ගලික කටයුත්තක් සඳහන් ඉන්දියාවට යාමට අවසර දෙන ලෙසයි.

ඇය ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලාගෙන එම මුදල් නැවත ඔහුට නොගෙවා ඇති බවත් ඇය ඔහුව මගහරින බවත් දක්වමින් එම ව්‍යාපාරිකයා සිදු කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබෙනවා.