FAST NEWS

24×7 Around the Globe

කුසල් ජනිත්ගේ ක්‍රීඩා ජිවිතයට කළු පැල්ලමක්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක චෝදනා එල්ල වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉකුත් දා පැවති තරගාවලියේදී ඔහුගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජකයක් අඩංගු වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ.

ඒ අනුව එළැඹෙන නවසීලන්ත තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අතර නවසීලන්තයේ තරග සංචාරයකට එක්ව සිටින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට කෞශාල් සිල්වා එක්කර තිබෙනවා. ඒ, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක චෝදනාවලට ලක්ව සිටිනවා. නවසීලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් ඔහු ඉවත් කෙරුණේ ඒ අනුව බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවසුවේ.

පාකිස්තානය සමග ඉකුත් දා අවසන් වූ තරගාවලියේදී කුසල් ජනිත් පෙරේරාගෙන් ලබාගත් රුධිර සාම්පලයක තහනම් උත්තේජක අඩංගු වූ බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව නැවත වරක් ඔහු පරීක්ෂාවට ලක්කරන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.