FAST NEWS

24×7 Around the Globe

කිම්ගේ කැදැල්ලට නව සාමාජිකයෙක්.

ජනප්‍රිය තරු යුවලක් වන කිම් කඩෑෂියන් සහ කාන්යේ වෙස්ට්ගේ කැදැල්ලට නව සාමාජිකයෙක් එක්ව ඇති බව වාර්තා වේ.

පසුගිය සෙනසුරදා මෙලොව එළිය දුටු මෙම සමාජිකයා පුතෙක් වන අතර මෙම සුභ ආරංචිය යුවල විසින් කිම්ගේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

එහි බිළිඳා මෙන්ම මවද හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව දක්වා තිබේ.

කිම් කඩෑෂියන් සහ කාන්යේ වෙස්ට් 2014 වසරේ මැයි මස විවාහ වූ අතර ඔවුන්ගේ පළමු දරුවා වන නෝර්ත් වෙස්ට් උපත ලැබුවේ 2013 වසරේ ජූනි මාසයේදීයි.

බිළීඳාට මෙතෙක් නම් තබා නොමැති වුවත් බොහෝ දෙනා පවසන්නේ එය ඔහුගේ සොයුරියගේ නම මෙන් දිශාවක් වනු ඇති බවයි.