FAST NEWS

24×7 Around the Globe

දේශපාලනයේ ප්‍රභූ පවුලක් තාජුඩීන් ඝාතනය කරන අයුරු CCTV දර්ශනවල තියනවා-රාජිත

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ ඝාතනය සිදුවූ ආකාරය සීසීටීවී කැමරා දර්ශන වල සටහන් වී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අදාළ සීසීටීවී දර්ශනවල වසීම් තාජුඩීන් මහතා සී.ආර්.ඇන්ඩ්.එෆ්.සී ක්‍රීඩා ශාලාවේ සිට ආහාර ගෙන පිටතට යන දර්ශන සහ ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් පහරදී මරා දමන තෙක් පටිගතවී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනකදී එම දර්ශන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

එම ඝාතනයට දේශපාලනයේ ප්‍රභූ පවුලක් සම්බන්ධ බව තහවුරු වී ඇතැයි ද ඇමතිවරයා පැවසිය.

ඇමතිවරයා පවසන්නේ එම CCTV දර්ශනවල ප්‍රභූ පුද්ගලයන් ද සිටින බව තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.

වසීම් තාජුඩීන් ගේ මරණය ඝාතනයක් බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ වෛද්‍ය කණ්ඩායම ඉකුත් දා අධිකරණයට දැනුම් දුන්නේය.

[youtube url=”https://www.youtube.com/watch?v=r8AJxyN-ZHs” width=”560″ height=”315″]