FAST NEWS

24×7 Around the Globe

බැසිල් දේශපාලනයෙන් සමු ගනී.

නැවත දේශපාලනයට නොඑන බව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ශ්‍රී ල නි ප සිය සමීපතමයන්ට පවසා ඇතැයි වාර්තා වේ.

අය-වැය දෙවන වර ඡන්ද විමසීමෙන් පසු කොළඹ තරු හෝටලයක පැවති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක ගේ සාදයකට එක් වෙමින් එහි සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීම පියල් නිශාන්ත මහතාට ඔහු මේ බව පවසා ඇතැයි ආරංචි මාර්ග මාර්ග පවසයි.

මෙම සාදය ටික වෙලාවක් පැවැත්වෙද්දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද එහි පැමිණ ඇති අතර ඔහු දුරකතනයෙන් කතා කර බැසිල් රාජපක්ෂ මහතා එහි ගෙන්වා ගෙන ඇත.