නවසීලන්තයේ සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත සභාපති ගේ කණ්ඩායම අතර පැවත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවන දිනය නිමා වන විට සිය ප්‍රථම ඉනිමට නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවි ලකුණු 288 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගැනීමට සමත් වුයේ ලකුණු 193ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථකව පිතිකරණයේ යෙදුනු දිමුත් කරුණාරත්න පන්දු 281කට ලකුණු 93ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින් ….








