FAST NEWS

24×7 Around the Globe

මාස අටකට පෙර අතුරුදන් වූ දැරිය දරුවෙක්‌ ප්‍රසූත කරයි.

මෙයට මාස අටකට පමණ පෙර නිවසින් අතුරුදන් වූ පහළොස්‌ හැවිරිදි දැරියක්‌ කුලියාපිටිය මූලික රෝහලේ දී බඩේ අමාරුවක්‌ යෑයි පවසා දරුවෙක්‌ ප්‍රසූත කිරීම සම්බන්ධයෙන් දැරියගෙන් ලද තොරතුරු මත දන්කොටුව පොලිසියට දැනුම් දීමෙන් පසු දරුවාගේ පියා යෑයි කියන ඉහළ දුම්මලකොටුවේ පදිංචි සුනිල් නමැති 45 හැවිරිදි දෙදරු පියෙක්‌ දන්කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අතිරේක දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා විසින් මෙම මස 27 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

කසිප්පු පෙරමින් දැරියගේ නිවස අසලම පදිංචි වී දැරියගේ මවුපියන් සමඟ මිතුරු වී සිටි සැකකරු දෙමාපියන් නිවසේ නොමැති අවස්‌ථාවලදී නිවසට ගොස්‌ වරින් වර දැරියට අතවර කර ගැබිනියක්‌ වූ පසු කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක නවතා සිටියදී දරු ප්‍රසූත සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළු කර තිබේ.