FAST NEWS

24×7 Around the Globe

දකුණු පියයුර පසක තබා වෛද්‍යවරයා වම් පියයුරට අත තබයි.

දකුණු පියයුරේ ගැටිත්තක් ඉවත් කර ගැනීමට ගිය කාන්තාව‍කගේ වම් පියයුරේ සැත්කමක් කළ වෛද්‍යවරයෙකු ගැන කළුතරින් වාර්තාවේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

කළුතර, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක‍ සිය වම් පියයුරේ ගැටිත්තක් ඉවත් කිරීමට නාගොඩ රෝහලට ඇතුළත් වී තිබේ.

ඊයේ එම සැත්කම සිදුකර ඇති අතර දකුණු පියයුරේ ඇති ගැටිත්ත වෙනුවට වම් පියයුරේ සැත්කමක් කිරීමෙන් තම බිරිඳට අපහසුතාවක් වී ඇතැයි කියමින් එම කාන්තාවගේ සැමියා අද (03) පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්වැරදීමකින් මෙය සිදුවූ බවට එම වෛද්‍යවරයා අදාළ බිරියගේ සැමියාට පැවසූ බව දකුණු කළුතර පොලිසියෙන් එවන ලද ෆැක්ස් පණිවුඩයේ සඳහන් බවයි.

මේ ගැන දකුණු කළුතර පොලීසිය පැමිණිල්ල සටහන් කරගෙන ඇති අතර වෛද්‍යවරයාගේ අත්වැරදීමකින් මෙය සිදුව ඇතිද යන්න නාගොඩ රෝහලේ අධ්‍යක්ෂවරයා සැත්කම කළ වෛද්‍යවරයාගෙන්ද විමසා ඇතැයි ද වාර්තා වේ.

දකුණු පියයුරේ වෙනුවට වම් පියයුරේ ශල්‍ය කර්මය කර ඇතැයි වෛද්‍යවරයාට තමන්ගේ බිරිඳ දැනුම් දී ඇති බවත්, ඒ අනූව නැවතත් බිරිඳව සිහි නැති කර සැත්කමක් කර ඇතැයිද අදාළ පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත් කළුතර රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ සිද්ධියට අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ගත් බවයි.

පියයුරු දෙකේම ගැටිති තිබූ නිසා ඒ දෙකේම කොටස් ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකළ බවත් වෛද්‍යවරයා පැවසූ බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.