FAST NEWS

24×7 Around the Globe

මත්පැන් සම්බන්ධයෙන් ලංකාවෙන් ලෝක වාර්තාවක්.

ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් අංක එකට සිටින්නේ ශ්‍රී ලංකාව බවත් එහි ලෝක වාර්තාව අප සතු බවත් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නිවාරණ උපදේශක එරන්ද ශ්‍රීලාල් මහතා සඳහන් කරයි.

එසේ ම මත්පැන් පරිභෝජනය කරන රටවල් අතරින් සිව්වැනි ස්‌ථානයේ පසුවන්නේ ද ශ්‍රී ලංකාව බව ඔහු පැවසී ය.

ඔහු මේ බව පැවසූවේ ලුණුගල ලෝණගිරි රජමහා විහාරස්‌ථානයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩමුළුවක දී ය.

අද ලංකාවේ මත්පැන් පානය හේතුවෙන් සිදුවන අපරාධ වැඩි වී ඇති බවත් මිනීමැරුම්, මංකොල්ලකෑම්, පවුල් ආරවුල්, දික්‌කසාදවලට ප්‍රධාන හේතුව මත්පැන් බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.