FAST NEWS

24×7 Around the Globe

මිනිසුන් ක්ලෝනීකරණ තාක්ෂණය තමන් සතුයි. බෝයාලයිෆ් පවසයි.

අවසර ලබාදෙන්නේ නම් මිනිසුන් ක්ලෝනීකරණය සඳහා අවශ්‍ය තාක්‍ෂණය බෝයාලයිෆ් සමාගම සතුව පවතින බව එහි ප‍්‍රධාන විධායක අධ්‍යක්‍ෂක සූ සියා ඕචුන් පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික නිපුණත්වය පවතින්නේ තම සමාගමට පමණක් බවයි.

කෙසේවෙතත් මේ වන විට මිනිසුන් ක්ලෝනීකරණය තුළ තමන් නිරතව නොසිටින බව සියා ඕචුන් පවසා ඇත.

සත්ව ෙසෙලයකින් වර්ණදේහ වෙන් කර ඒවා වර්ණදේහ ඉවත් කරනු ලැබූ බීජ ෙසෙලයක ව්‍යාප්ත වීමට සැලැස්වීම මගින් පළමු ෙසෙලයේ ක්ලෝන පිටපතක් නිර්මාණය කරනු ලැබේ.

පසුගිය දශක දෙක තුළ විවිධ ක්‍ෂිරපායින් ඒ හරහා නිර්මාණය කර තිබුණත් මිනිසුන් ක්ලෝනීකරණය කිරීමේ ඇති නෛතික හා සදාචාරමය ගැටළු පිළිබඳව බොහෝ දෙනෙකු කරුණු දක්වා තිබේ.

මේ අතර සූ පවසා ඇත්තේ ක්ලෝනකරණය කරන දරුවා අඩක් මව ලෙස හා අඩක් පියා ලෙස පමණක් නිර්මාණය කරන්නට හැකිව ඇති බවයි.

ඉදිරි පර්යේෂණ තුළදී 50-50, 100%ක් පියා හෝ මව ආදී ලෙස තෝරාගැනීම් 3ක් ලබාදීමට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර තිබේ.

උතුරුදිග චීන වරාය නගරයක් වන ටියැන්ජින්හි පිහිටා ඇති බෝයාලයිෆ් සමාගම ද්‍රව නයිට‍්‍රජන් මාධ්‍යයේ ශීත කරනු ලැබූ ෙසෙල සාම්පල මිලියන 5ක් පමණ එක් රැස් කර තබාගෙන ඇතැයි වාර්තා වේ.

සූ පවසා ඇත්තේ ක්ලෝනීකරණය යනු උමතු ක‍්‍රියාවක් නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමට තමන්ට අවශ්‍යව ඇති බවයි.