FAST NEWS

24×7 Around the Globe

චීවරධාරි ගුරුවරයා සිසුවියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර වැඩ වරද්දාගනී.

දෙනියාය ප්‍රදේශයේ විදුහලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කොට ඇය සිප ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම විදුහලේම ගුරුවරයෙකු වන චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පවසයි.

කිරිවැල්දොල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරවාසී මෙම චීවරධාරියා පසුගිය 27 වැනිදා විදුහල් භූමියේදී මෙසේ ඇයට අතවර කළ බවට ඊයේ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර චීවරධාරියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙනියාය පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.