FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිල ඇඳුමෙන් මින් පසු නාටක බෑ.

පොලිස් නිල ඇඳුම අවසරයකින් තොරව වෙළෙඳ දැන්වීම් ඇතුළු ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කළහොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

එබදු අවස්ථාවකදී පොලිස් ආඥා පනත යටතේ අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ ආකාරයට පොලිස් නිල ඇඳුම් නීති විරෝධී ආකාරයට භාවිත කර වෙළෙඳ දැන්වීමක් සකස් කළ සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඊයේ (02) පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොටුව පොලිසීයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

එවැනි වැඩසටහනක් අධ්‍යක්ෂණනය කරන්නාට නිෂ්පාදනයකරන්නාට සහ පොලිස් නිල ඇඳුම ඇඳ රංගනයේ යෙදී සිටින අයට ද එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් මින් ඉදිරියට එබදු තත්වයක් අැති නොවේ යැයි තමා අපේක්ෂා කරන බවද හෙතෙම සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් පොළිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එබදු රංගනයක් සදහා පොලිස් නිල ඇඳුම අවශ්‍යය බවට ඉල්ලීමක් කළහොත් එම රංගනය කෙබදු එකක්ද යන්න සොයා බලා අවශ්‍ය අනුමැතියන් ලබාදීමට කටයුතු කරන බවයි.