FAST NEWS

24×7 Around the Globe

රම්බොඩ සිසුවියන් තිදෙනෙකු  වස පානය කරයි.

වස පානය කළ පාසල් සිසුවියන් තිදෙනෙකු ගම්පොල මහ රෝහලට අද උදෑසන ඇතුළත් කර තිබේ.

රම්බොඩ – කෙමිණිතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියන්ගේ වයස අවුරුදු 16 ක්.

මෙම සිසුවියන් තිදෙනා අද පෙරවරුවේ පාසල් යෑම සඳහා නිවසින් පිටත්ව ඇත.

අනතුරුව ඔවුන් වස පානය කර ඇති අතර බරපතල තත්ත්වයේ පසු වීම කොත්මලේ නව නගර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ගම්පොල මහ රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා ව්න්නේ.

පාසල් සිසුවියන් තිදෙනා වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

රම්බොඩ – හින්දු මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම සිසුවියන් ලබන 8 වනදා ආරම්භවන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත බවද සදහන්.