FAST NEWS

24×7 Around the Globe

මං තීරු නීතියෙන් වාහන කිහිපයකට සහන.

මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමේදී හදිසි රෝගීන් රැගෙන යන ගිලන් රථවලට, අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සඳහා යන පොලිස් ජීප් රථවලට හා ප්‍රභූ වාහනවලට යම් සහනයක් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එහෙත් රෝගියෙකු නොමැති ගිලන් රථවලට, අත්‍යවශ්‍ය කටයුතු, රාජකාරි කටයුතු සහ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ගමන් ගන්නා රථවලට එරෙහිව මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.