FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වන දේ ගැන ඇමති එස්.බී ගෙන් අනාවැකියක්.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ස මහතා සහයෝගය නොදෙන්නේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අන්ත පරාජයක් ලබන බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මේ නිසා 2020දී ශ‍්‍රිලනිප ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ශ‍්‍රීලනිපය දිනවීම වෙනුවෙන් උදවු කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කල යුතු යයිද ඔහු උඩුනුවරදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

රාජපක්‍ෂ මහතා එසේ නොකලහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍සය 1977දී මෙන් වසර අති දැවැන්ත පරාජයක් ලැබීම නියත යයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.