FAST NEWS

24×7 Around the Globe

තමීම් හා ඩිල්ෂාන්ගේ සුපිරි සම්බන්ධතාවය චිතගොං වයිකින්ස්ට ජය ගෙනෙයි.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 18 වැනි තරගය වූ ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම සහ චිතගොං වයිකින්ස් කණ්ඩායම අතර චිතගොංහි සහුර් අහමඞ් චෞද්‍රි කී‍්‍රඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 10 පහසු ජයක් අත්කර ගැනීමට චිතගොං වයිකින්ස් කණ්ඩායම සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය චිතගොං වයිකින්ස් කී‍්‍රඩකයෝ පන්දු 23 ඉතිරිව තිබියදී කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියහ.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කදී ලකුණු 140 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක තමීම් ඉක්බාල් (නොදැවී 67) සහ තිලකරත්න ඩිල්ෂාන් (නොදැවී 67) චිතගොං වයිකින්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ. පන්දු 51 කදී වාර්තා වූ ටමීම් ඉක්බාල්ගේ අර්ධ ශතකයට හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 46 කදී වාර්තා වූ තිලකරත්න ඩිල්ෂාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ සහීඞ් අෆ්රිඩි, පන්දු 41 කින් ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක්ද සමගිනි.

එහිදී ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 4 ක් ලබා සිටි ඩිල්ෂාන් මුණවීර, දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මොහොමඞ් අමීර් සමත් විය.

ෂිලාත් සුපර් ස්ටාර්ස් කණ්ඩායම –  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 139
(සහීඞ් අෆ්රිඩි 62, සොහේල් තන්වීර් 17, ශෆියුල් ඉස්ලාම් 37/2)

චිතගොං වයිකින්ස් කණ්ඩායම –  ඕවර 16.1 කදී කිසිවකු නොදැවී 140
(ටමීම් ඉක්බාල් නොදැවී 67, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 67)