FAST NEWS

24×7 Around the Globe

මනූෂ නානායක්කාරට ලැබන ඇමති ධුරය මෙන්න.

පැවැති ජනාධිපතිවරණයේදී මෙන්ම ඉන් අනතුරුවත් දිගින් දිගටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාරට මේ වන විට අමාත්‍ය ධූරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිවීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඊයේ (02) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවන වර ඡන්ද විමසීමට ඡන්දය ප්‍රකාශ කිරීමටද ඔහු පැමිණ සිටියේ නැහැ.

මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වී තිබෙන අතර බොහෝ දුරට පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යධූරය මනූෂ නානායක්කාර වෙත ලැබෙනු ඇතැයි පැවසෙනවා.

එම ධූරය භාරව දැනට කටයුතු කරන්නේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන මහතායි.

දැනට පුරප්පාඩුව පවතින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරය කරුණාරත්න පරණවිතාන මහතාට ලබා දීමේ සැලසුමක් ඇති බවත් පැවසෙනවා