දකුණු අප්‍රිකාව සමඟ තුන්වන ටෙස්ට් තරඟය පැවති නාග්පූර් ක්‍රීඩාපිටිය නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා ඉන්දියා ක්‍රීකට් පාලක මණ්ඩලය වෙත පවුම් 9950 ක දඩයක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
මෙම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඇත්නම් දින 14 ක් තුළ දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දියාව වෙත දැනුම් දී ඇත.
ක්‍රීඩා පිටිය සහ තණතීරු නිසි ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් තරඟ ජයග්‍රහණය වැළකී ගිය බවට දකුණු අප්‍රිකානු කණ්ඩායම ද ප්‍රකාශ නිකුත් කර තිබුණි.
නාග්පූර් ක්‍රීඩා පිටියේ දින 3 ක් තුළදී කඩුලූ 40 ක් දැවී ගිය අතර පිතිකරුවන්ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට අවස්තාන නොලැබුණි.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩාපිටිය පිළිබඳව පරීක්ෂා කිරීම් සිදු කළේය.






