වයස අවුරුදු 15 ක් වන බාල වයස්කාර දැරිවියක් බලහත්කාරයෙන් දුෂණය කළ බව කියන එම දැරිවියගේ සුළු පියාට පුත්තලම මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ඒ.සී. ඩෙෆ් මහතා බරපතළ වැඩ ඇතිව වසර 07 ක සිර දඩුවම් නියම කළේය.
මෙසේ සිර දඩුවම් නියම වූයේ පුත්තලම- තිල්අඩිය පදිංචිකරුවෙකු වන ඩී.එච්.එම්.ඒ.වාසල බණ්ඩාර හෙවත් මොහොමඩ් අබ්දූර් නම් අයෙකුටය.
2006 ජුනි මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පුත්තලම අධිකරණ බල සීමවේ පුත්තලම – තිල්අඩිය ප්රදේශයේදී එවකට වයස අවුරුදු 15 ක් වූ බාල වයස්කාර දැරිවියක් ඝාතනය කරන බවට බිය කර දුෂණය කරන ලදැයි නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර තිබුණි.
විත්තිකරු අධිකරණය මග හැර සිටීම හේතුවෙන් ඔහු නොමැතිව පුත්තලම මහාධිකාරණය හමුවේ නඩුව විභාග විය.
විත්තිකරුට නියම කළ සිර දඩුවමට අමතරව රුපියල් 5000 ක දඩ මුදලක්ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් වසර 01 තවත් සිරදඩුවමක් නියම කළේය.වින්දිත දැරියට රුපියල් 75,000 ක වන්දි මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර 02 ක සිරදඬුවමක් නියම කළේය.
විත්තිකරු වින්දිත දැරිවියගේ මවගේ දෙවැනි ස්වාමි පුරුෂයා බවද අධිකරණය හමුවේ අනාවරණය විය.
විත්තිකරුට දඩුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහු අධිකරණය මග හැර සිටින බැවින් විවෘත වරෙන්තු නිකුත් කර දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග කළේය.
විත්තිකරු වෙනුවෙන් නීතිඥයින් පෙනී නොසිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධි නීතිඥ රන්දිමා ප්රනාන්දු මහත්මිය පෙනී සිටියාය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.