FAST NEWS

24×7 Around the Globe

උදරගේ විවාහයට රනිල් හා කරූගෙන් සහතිකයක්.

චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන බෙනට් රත්නායක මහතාගේ පුත‍්‍රයා වන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදාර රත්නායක මහතා පෙරේදා යුගදිවියට එළැඹ තිබෙනවා. ඔහු සමග අතිනත ගෙන ඇත්තේ ඒ විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාව සිටි ප‍්‍රියන්ත කාරියප්පෙරුම මහතාගේ දියණිය බව වාර්තා වනවා. මේ විවාහයත් සමග ජනප‍්‍රිය නිළි සංගීතා වීරරත්න නෑකමට උදාරගේ පුංචි අම්මා බවට පත්වෙන බවක්ද කියැවෙනවා.

මෙහිදී මනාලයාගේ පාර්ශවයෙන් විවාහයට සහතික කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, මනාලියගේ පාර්ශවයෙන් කථානායක කරූ ජයසූරිය මහතාත් එක්ව සිටි අයුරු දක්නට ලැබුණා.

346